විදුහල්පති පණිවිඩය
ඌව පළාතේ බදුල්ල රිල්පොල කෝරලේ කුඩා පාසලක් වුවද අධ්‍යාපන
සංවර්ධනය තුළින් කැපී පෙනෙන පාසලකි. පාසලෙන් බිහි වූ කීර්තිමත්
ආදි සිසුන් බොහොමයකි.ඔවුන් අද වන විට රටේ ඉහළම තනතුරු
හොබවමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරති.
විවිධ දක්ෂතාවන්ගෙන් සමන්විත දරුවන් සිටියද සමහර භෞතික සම්පත්
ඌනතාවය, දරුවන්ගේ ඉදිරි ගමනට බාධාවක් වන අවස්ථා ද පවතින
නමුත් අවම පහසුකම් යටතේ වුවද එම දක්ෂතා හඳුනාගෙන කටයුතු
කිරීමට කැප වන කාර්ය මණ්ඩලයක් , මා පිය , ආදි ශිෂ්‍ය එකමුතුවක්
සිටීම විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධනයට මහත් රුකුලක් වී ඇත.
විදුහල්පති
බ/කඳන සිරිසීවලී විද්‍යාලයය