ඌව මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල අධ්‍යාපන කලාපයේ, හාලිඇලි අධ්‍යාපන කොට්ඨාසයට අයත් රිල්පොල කෝරලයේ ඇති විදුහල් අතරින් ඉහළින්ම වැජඹෙන පාසලක් ලෙස හඳුන්වා දීමට හැකිය.